දේශබන්දුගේ සිද්ධියට අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුවන් 06 දෙනාට ඇප…

දේශබන්දුගේ සිද්ධියට අධිකරණයට ඉදිරිපත් වූ 6දෙනාට ඇප

2023දී මාතර වැලිගම, පැලෑන W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ සෙසු සැකකරුවන් 06 දෙනා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරුණි.

ඒ, ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුවයි.

මෙම විමර්ශවලට අදාළව හෙට දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රකාශ ලබා දෙන්නැයි මාතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළේ ය.

2023 දෙසැම්බර් 31 වැනි දා සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කළේ ය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා මහතා ද ඒ අතරට ඇතුළත් වේ.

වරෙන්තු නිකුත් කළ දින සිට දින 20 කට පසු දේශබන්දු තෙන්නකෝන් මහතා  මෝසමක් ගොනු කරමින් පෙරේදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ අතර ඔහු මේ වනවිට ලබන 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.

වරෙන්තු නිකුත් කර සිටි එක් සැකකරුවෙකු මේ වනවිට විදෙස්ගතව ඇතැයි සිද්ධිය පිළිබඳ විමර්ශන කරන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

What's your reaction?

Related Posts

1 of 694

Leave A Reply

Your email address will not be published. Required fields are marked *