ධාවනයට නුසුදුසු බසයකින් මාරක අනතුරක් කළ ලංගම රියදුරුට වසරක සිරදඬුවම්!

ධාවනය කිරීමට නුසුදුසු තත්ත්වයේ පැවති බස් රථයක් පදවා පුද්ගලයෙකු මියයාමට සැලැස්වීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථ රියදුරෙකුට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය විසින් අද දින වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී. මෙලෙස දඬුවම් නියම වූයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අනුයුක්තව සේවය කළ ආර්. රංජිත් රත්නායක නැමැති රියදුරෙකුට වන අතර, මෝටර් රථ වාහන පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පහකට ඔහු වරදකරු විය.​2017 වසරේදී පදවිය ප්‍රදේශයේදී සිදුවූ මෙම රිය අනතුරින් පී. කුමාරසිංහ බණ්ඩාර නැමැති අයෙකු ජීවිතක්ෂයට පත් විය. සිරදඬුවමට අමතරව රුපියල් 15,000ක දඩයක් ද, එය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවමක් ද අධිකරණය විසින් නියම කරන ලදී. තවද, මියගිය පුද්ගලයාගේ පවුලේ අයට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එය පැහැර හැරියහොත් තවත් වසරක සිරදඬුවමක් විඳිය යුතු බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බව මෝටර් රථ පරීක්ෂකවරයා විසින් තහවුරු කළ අතර, රියදුරුගේ බලපත්‍රය ද වසරක කාලයකට අත්හිටුවනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 973

Leave A Reply

Your email address will not be published. Required fields are marked *