ධාවනයට නුසුදුසු වාහන 49කට නුවරඑළියේදී වැඩ වරදී!

ධාවනයට නුසුදුසු මට්ටමේ පවතින වාහන පරීක්ෂා කිරීම සඳහා නුවරඑළිය පොලිස් කොට්ඨාසය තුළ පසුගිය බදාදා (පෙබරවාරි 25) විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව හග්ගල සහ බොරලන්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අධික ලෙස කළු දුමාරය පිටකරන සහ නිසි නඩත්තුවක් නොමැති වාහන 49ක් හඳුනාගෙන ඒවාට තහනම් නියෝග නිකුත් කිරීමට පියවර ගෙන ඇත.​මෙලෙස තහනම් නියෝග නිකුත් කළ වාහන අතර මගී ප්‍රවාහන බස් රථ 18ක්, ලොරි රථ 21ක්, ද්විත්ව කාර්ය වාහන 8ක් සහ ත්‍රිරෝද රථ 2ක් ඇතුළත් වේ. මෙහිදී පොලිසිය විසින් රියදුරන්ගේ බලපත්‍ර භාරයට ගෙන ඒ වෙනුවට තාවකාලික බලපත්‍ර නිකුත් කර ඇති අතර, අදාළ වාහන අලුත්වැඩියා කර ධාවනයට සුදුසු තත්ත්වයෙන් 2026 මාර්තු 27 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,028

Leave A Reply

Your email address will not be published. Required fields are marked *