නංගිගේ තොරතුරු දී පිටරට ගිය අක්කා අත්අඩංගුවට

2015 වසරේදී තම සහෝදරියගේ විස්තර හා තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ඩෙන්මාර්කය වෙත ගිය කාන්තාවක් ආපසු යාපනයට පැමිණි පසුව යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය වැඩිමල් සොහොයුරිය විදේශ ගත වීමෙන් පසුව ඇයගේ නැගණියටද විදේශ ගතවිමට අවශ්‍යතාවයක් ඇති වී ඇය 2019 වසරේදී ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රයක් යොමු කළ විට ඇගේ නමට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කොට අති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැණුම් දී තිබෙනවා.

පසුව ඇයත් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබූ අතර ඩෙන්මාර්කයේ සිට අදාල කාන්තාව යාපනයට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇයව අත්අඩංගුවට ගනීමට හැකි වී ඇත්තේ ඇය විසින් සිය මවගේ මරණයට සහභාගි වීම සදහා යාපනයට පැමිණ යාපනයේ බැංකුවක අලුතින් බැංකු ගිණුමත් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ඇගේ ජාතික හදුනුම්පත් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත නිකුත් කොට තිබූ නිවේදනයක් හේතුවෙන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *