නකල්ස් සිදුවීමේ දැරියගේ සහ බිළිඳාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර

නකල්ස් ප්‍රදේශයෙන් සොයාගත් 15 හැවිරිදි දැරියගේ සහ ඇගේ බිළිඳාගේ රැකවරණය සහ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කඩිනම් පියවර ගෙන තිබේ. අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු හමුවූ මෙම දැරිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ, පවුල තුළ මව්පියන් සහ දරුවන් අතර විවෘත සන්නිවේදනය ගිලිහී යාම සහ වත්මන් සමාජ, ආර්ථික සංකීර්ණතා මෙවැනි තත්ත්වයන්ට සෘජුවම බලපා ඇති බවයි.​සමීප පරිසරය තුළම දරුවන් අනාරක්ෂිත වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, තම මව්පියන් සමඟ විශ්වාසයෙන් යුතුව අදහස් හුවමාරු කරගත හැකි පරිසරයක් නිවස තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.​එමෙන්ම, අනාරක්ෂිතභාවයට පත්වන දරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන විසඳුමක් ලෙස 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” හඳුන්වා දීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, ඒ සඳහා මේ වන විටත් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,423

Leave A Reply

Your email address will not be published. Required fields are marked *