මේ වන විට දේශීය වෙළඳපොලෙහි නයි මිරිස් කිලෝවක් රු.1800ත් 2000ත් දක්වා අගයක මිල ඉහළ ගොස් තිබෙනවා.
මේ තත්ත්වය මත මිරිස් මිල දී ගැනීමට නොහැකි බව පාරිභෝගිකයන් සදහන් කරයි.
එමෙන්ම, වෙළඳුන් ද සදහන් කළේ මිල ඉහළ යාම හමුවේ මිරිස් අලෙවිය ද අඩු බවයි.
කෙසේ වෙතත්, එවන් පසුබිමක අමු මිරිස් කිලෝවක ද මිල සටහන් වූයේ රු.1100ත් 1400ත් අතර වේ.