නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරනු ලබන දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් ජාතික හා පළාත් පාසල්වල විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතියි.මෙම වැඩසටහන යටතේ මේ දක්වා දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කර ඇති අතර, එහි අඛණ්ඩ පියවරක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අද දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධ ශාසන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.මාතලේ දිස්ත්‍රික් ලේකම්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, හා විවිධ අධ්‍යාපන බලධාරීන් සහ මාතලේ දිස්ත්‍රික්කයේ තුන්සිය පනහකට ආසන්න විදුහල්පතිවරු පිරිසක් ද, මෙම අවස්ථාවට සහභාගි විය.අනාගතයේ දී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලද, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 778

Leave A Reply

Your email address will not be published. Required fields are marked *