නව වසර පාපන්දුවට හොඳ කලක්

නව වසර පාපන්දුවට හොඳ කලක්
FFSL President s youth cup
පාපන්දු කුසලානය දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාපන්දු සම්මේලනයේ සභාපති කියයි.

FFSL සභාපති කුසලාන යෝන් පාපන්දු තරගාවලිය මේ මස 13 වෙනිදා ආරම්භ වනවා
එම තරගාවලියේ කුසලාන හඳුන්වාදීම ඊයේ ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.
තරගාවලිය සංවිධානය කරන්නේ පාපන්දු ඇකඩමියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපන්දු ඇකඩමී අටක් මේ සඳහා තරඟ වදිනවා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, manchester පාපන්දු ඇකඩමියේ ප්‍රධානී ජෝජ් අගුසිටින් විසින් කුසලාන නිරාවරණය කලා.

ලබන දහතුන් වැනි කොළඹ තුරග තරග පිටියේදී තරගාවලිය ආරම්භ වන අතර
තරගාවලිය පෙබරවාරි 23 දක්වා පැවැත්වෙනවා .
ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදලක් අනුශූරතාවයට පනස් දාහක මුදලක්ද
පිරිනැමෙනවා.
මෙහිදී අදහස් දැක්වූ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්මාර් මහතා…
ආසියානු පාපන්දු සංගමයෙන් ්‍රී ලංකාවට මුදල් ආධාර ලැබී තිබෙනවා
එම නිසා මෙම වසරේ තරගාවලි කීපයක්ද පැවැත්වීමට නියමිතයි
ජාත්‍යන්තර තරග අටකට වැඩි ප්‍රමාණයක් ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිතයි.
2025 වසර ශ්‍රී ලංකාවේ පාපන්දුවට හොඳ කලක් උදාවන බව ජස්වර් උමාර් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *