ලෑබුවාවූ 2025 නව වසරට සෙත් පතා සර්ව රාත්රික පිරිත් දේශනයක් දිවුලපිටිය වල්පිට ප්රදේශයේදී පැවැත්වුණා.
උපාසක මහත්වරුන් විසින් පවත්වූ මෙම පිරිත ගිහි පිරිතක් ලෙසයි පැවැත්වුණේ.
, වල්පිට අපි, තරුණ සංවිධානය විසින් පිරිත් දේශනය සංවිධානය කොට තිබුණා.
සෑම වර්ෂයකම ජනවාරි මස ආරම්භයේදී මෙම පිරිත් දේශනය පවත්වනු ලබනවා.
රටටත් ප්රදේශවාසීන්ටත් රටටත් සෙත් පැතීම මෙම පිරිත් දේශනාවේ අරමුණයි.
වල්පිට ගම මැද ගොක්කොල යොදාගනිමින් ඉතා දර්ශනීය පිරිත් මණ්ඩපයක් සාදා ගම පුරා පිරිත් ඇසෙන පරිදි ශබ්ද වාහිනී යොදවා තිබුණා.