නාගරික වායු ගුණාත්මකභාවය පිරිහෙයි: අවධානයෙන් සිටින්න!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිවයිනේ නාගරික මධ්‍යස්ථාන කිහිපයක වායු ගුණාත්මකභාවය “සුළු වශයෙන් සෞඛ්‍යයට අහිතකර” මට්ටමකට පහත වැටී ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ කොළඹ 07, වවුනියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, ඇඹිලිපිටිය සහ පුත්තලම යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය (AQI) 100 ඉක්මවා වාර්තා වී ඇත. ඉදිරි පැය 24 තුළ ද මෙම තත්ත්වය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, විශේෂයෙන් ගාල්ල සහ පුත්තලම ප්‍රදේශවල අහිතකර වායු තත්ත්වයක් ද, නුවරඑළිය ප්‍රදේශයේ යහපත් වායු තත්ත්වයක් ද පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.​මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන් වැනි සංවේදී කණ්ඩායම්වලට මුහුණු ආවරණ (Masks) පළඳින ලෙසත්, කිසියම් ශ්වසන අපහසුවක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් නිලධාරීන් උපදෙස් දෙයි. වායු දූෂණය උපරිම වන පෙරවරු 8.00–9.00 සහ පස්වරු 4.00–5.00 අතර කාලය තුළ වඩාත් ප්‍රවේශම් වන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *