ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම, කළුතර (වලල්ලාවිට, ඉංගිරිය, බුලත්සිංහල), මාතර (පිටබැද්දර, කොටපොල), රත්නපුර (කොළොන්න, රත්නපුර, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ, කලවාන, නිවිතිගල, අයගම), ගාල්ල (නාගොඩ), මහනුවර (යටිනුවර), සහ කෑගල්ල (මාවනැල්ල) යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන අදියරේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබේ.මීට අමතරව, තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා පළමු අදියර යටතේ විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මේ යටතට බදුල්ල (බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දේකැටිය, හල්දුම්මුල්ල), කොළඹ (පාදුක්ක), හම්බන්තොට (කටුවන), කළුතර (මතුගම, හොරණ), මහනුවර (පාතහේවාහැට, තුම්පනේ, ගඟ ඉහළ කොරළය, උඩු නුවර, උඩුදුම්බර, උඩ පළාත, ගඟවට කෝරළය, පස්බාගේ කොරළය), කෑගල්ල (අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව, වරකාපොල), මාතර (පස්ගොඩ), නුවරඑළිය (අඹගමුව, කොත්මලේ), සහ රත්නපුර (කිරිඇල්ල, ඕපනායක, වැලිගෙපොල, කල්තොට) දිස්ත්‍රික්කවල ප්‍රදේශ අයත් වේ.කඳු ආශ්‍රිත ප්‍රදේශවල යම් වර්ෂාපතනයක් පවතින බැවින්, මෙම අනතුරුදායක ස්ථානවල සහ ඇළ මාර්ග දෙපස ජීවත් වන ජනතාව මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දී සිටී. වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබුණහොත්, වහාම අනතුරුදායක ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන ලෙසට එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.























