ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. මෙම නව නිවේදනය අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වේ. මේ යටතේ දිස්ත්‍රික්ක 05ක් සහ එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා අවදානම් මට්ටම් ප්‍රකාශයට පත් කර ඇත.විශේෂයෙන්ම, රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසට උපදෙස් දී ඇත. මෙම රතු නිවේදන බලපාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත දිස්ත්‍රික්කවලට අයත් වේ:
මහනුවර: පාතදුම්බර, කුන්ඩසාලේ, පාතහේවාහැට, පානවිල, මැදදුම්බර, දොළුව, තුම්පනේ, උඩුනුවර, දෙල්තොට, ගඟඉහළ කොරලය, පස්බාගේ කොරළය, යටිනුවර, හතරලියද්ද, උඩුදුම්බර, මිනිපේ, උඩපළාත, ගඟවට කෝරළය, අකුරණ, පූජාපිටිය, හාරිස්පත්තුව.
කෑගල්ල: අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රඹුක්කන, යටියන්තොට, වරකාපොල.
කුරුණෑගල: අලව්ව, රිදීගම, පොල්ගහවෙල, මල්ලවපිටිය, මාවතගම.
මාතලේ: උකුවෙල, නෙළුව, යටියන්තොට, ලග්ගල, පල්ලේගම, පල්ලේපොල, මාතලේ, රත්තොට, අඹන්ගඟ කොරළය, විල්ගමුව.
නුවරඑළිය: හඟුරක්කෙත, මතුරට, නිල්දණ්ඩාහේන, වලපනේ.
මීට අමතරව තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙසට සහ විමසිලිමත් වන ලෙසට නිවේදන නිකුත් කර ඇත. මෙම කහ සහ ඇම්බර් අනතුරු ඇඟවීම් වලට බදුල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, කොළඹ, ගාල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක් ඇතුළත් වේ. අවදානම් තත්ත්වයන් පවතින බැවින් එම ප්‍රදේශවාසීන් නායයෑම් අවදානම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ඉවත් වීමට සූදානම්ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.


























