නායයෑම් අනතුරු ඇඟවීම්: රතු නිවේදන සහිත දිස්ත්‍රික්ක 06ක්

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑම් රතු නිවේදන (ඉවත් වීමේ අනතුරු ඇඟවීම්) තවදුරටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දැනුම් දෙයි. මෙම රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යි. මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තම ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා විමසිලිමත් වන ලෙස උපදෙස් දී ඇත.​විශේෂයෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, ඇල්ල, හපුතලේ, හාලිඇළ, වැලිමඩ, බන්ඩාරවෙල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් සඳහාත්, මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, උඩුනුවර, කුණ්ඩසාලේ, ගඟඉහළ කෝරලේ, දොළුව, පන්විල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් සඳහාත් රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, අරණායක, වරකාපොල, දැරණියගල ඇතුළු කොට්ඨාස 11ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, නාරම්මල, අලව්ව ඇතුළු කොට්ඨාස 6ක්ද රතු නිවේදන යටතේ පවතී.​තවද, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, විල්ගමුව, මාතලේ උකුවෙළ, ලග්ගල – පල්ලෙගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා මෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නොවුඩ්, හගුරන්කෙත, මතුරට, වළපනේ, කොත්මලේ ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක් සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. මෙම කොට්ඨාසවල ජනතාවට තවදුරටත් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.​ඊට අමතරව, කොළඹ, ගම්පහ, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක් සඳහාද දෙවන සහ තෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන (අවධානයෙන් සිටීමේ නිවේදන) නිකුත් කර තිබේ. මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා නායයෑම් අවදානම පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *