පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවූ අධික වර්ෂාපතනයක් වාර්තා වීම හේතුවෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (දෙසැම්බර් 05) සවස 4ට නිකුත් කරන ලද මෙම නිවේදනය මගින්, මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කඳු බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ දැඩි අවදානම සැලකිල්ලට ගනිමින් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව යන ලෙසයි.රතු නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ පහත පරිදිය:
මහනුවර දිස්ත්‍රික්කය: ගඟවට කෝරළය, දෙල්තොට, දොළුව, තුම්පනේ, මැදදුම්බර, මිනිපේ, පාතහේවාහැට, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, අකුරණ, උඩුනුවර, පන්විල, පාතදුම්බර, කුණ්ඩසාලේ, පස්බාගේ කෝරළය, හතරලියද්ද, උඩුදුම්බර, පූජාපිටිය, හාරිස්පත්තුව සහ උඩපළාත.
කෑගල්ල දිස්ත්‍රික්කය: ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, දෙහිඕවිට, වරකාපොළ, දැරණියගල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට සහ අරණායක.
කුරුණෑගල දිස්ත්‍රික්කය: නාරම්මල, මාවතගම, මල්ලවපිටිය, අලව්ව, රිදීගම සහ පොල්ගහවෙල.
මාතලේ දිස්ත්‍රික්කය: රත්තොට, විල්ගමුව, උකුවෙල, පල්ලෙපොල, මාතලේ, ලග්ගල පල්ලේගම, යටවත්ත, නාඋල සහ අඹන්ගඟ කෝරළය.
නුවරඑළිය දිස්ත්‍රික්කය: නිල්දණ්ඩාහින්න, වලපනේ, හඟුරක්කෙත සහ මතුරට.
මීට අමතරව, තවත් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් සම්බන්ධයෙන් වන අවධානම් නිවේදන (Amber/Yellow Alerts) ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. රතු නිවේදන නිකුත් කර ඇති සියලුම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම ජීවිතවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන මගින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් වහාම ක්‍රියාත්මක වන ලෙසයි.


























