නාවලපිටියේදී හත් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවලපිටිය ප්‍රදේශයේ වතු යායක පදිංචි හත් හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවර කළ බවට සැකපිට 35 හැවිරිදි පුද්ගලයෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 15 වනදා පස්වරුවේ අධික ලෙස බේබදුව සිටි මෙම සැකකරු, දැරිය ඇගේ නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ස්ථානයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇයව එහි දමා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.​දැරිය අතුරුදහන් වීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සිදුකළ සෝදිසි කිරීමකදී, පැය හතරකට පමණ පසු ඇයව නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් වැටී සිටියදී සොයාගෙන තිබේ. එහිදී දැරිය විසින් සැකකරුව හඳුනා ගැනීමෙන් අනතුරුව ඥාතීන් මේ පිළිබඳව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත. වින්දිත දැරිය මුලින්ම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ ළමා රෝහල වෙත මාරු කර යවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 954

Leave A Reply

Your email address will not be published. Required fields are marked *