නාවික හමුදාව මඟින් තලෛමන්නාරම ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්‍ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව තලෛමන්නාරම, ඌරුමලේ නාවික අණුඛණ්ඩය ඉදිරිපස වෙරළ තීරයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රීයාවට නැංවීමට ඊයේ (28) නාවික හමුදාව විසින් කටයුතු  කෙරිණි.

ඒ අනුව, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, සංවිධානය කෙරුණූ මෙම කඩොලාන සිදුවීමේ ව්‍යාපෘතිය මඟින් කඩොලාන පැළ 120ක පමණ ප්‍රමාණයක් සිටුවීමට කටයුතු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *