නිර්මාණශීලි කටයුත්තක් ක්‍රියාත්මක කරනකොට විවේචනය කිරීම සමහරුන්ගේ පුරුද්දක් වෙලා

නව නිර්මාණශීලි කටයුත්තක් ක්‍රියාත්මක කරන විට නිරන්තරයෙන් විවේචන එල්ල කිරීම රටේ සමහර පිරිසකගේ පුරුද්දක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කළුතර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

සක්වළ සුහුරු පන්තිකාමර වැඩසටහනේ 195 වැනි අදියර යටතේ කළුතර මතුගම දොඩංගොඩ කොස්වත්ත ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *