නිරිතදිග බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවදුරටත්: දිවයින පුරා වැසි සහ තද සුළං!

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ කාලගුණයට තවදුරටත් බලපෑම් එල්ල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, නැගෙනහිර පළාතේත් මාතලේ, බදුල්ල, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි අපේක්ෂා කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. විශේෂයෙන් රත්නපුර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු තීරයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද ප්‍රහාරාත්මක සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, අකුණු මගින් සහ තද සුළඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *