නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාගය සඳහා අයදුම්කරුවන් 3580 ක් ඉදිරිපත් වී සිටි අතර ඉන් අයදුම්කරුවන් 3422ක් සමත් වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

ඒ අනුව, විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මේ මස 28 වනදා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන ජුනි මස 06, 07 සහ 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන සහ පුහුණු මධ්‍යස්ථාන තුළ පැවැත්වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *