​නී-යෝ ප්‍රසංගයේ පැමිණිලි ගැන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් විශේෂ ප්‍රකාශයක්

​නී-යෝ (Ne-Yo) ප්‍රසංගය හෝ එහි සංවිධායකයින්ට එරෙහිව කිසිදු පොලිස් පැමිණිල්ලක්, නීතිමය පියවරක් හෝ පරිපාලනමය ක්‍රියාවලියක් තමන් විසින් ආරම්භ කර හෝ ඊට සහභාගී වී නොමැති බව සිනමන් ග්‍රෑන්ඩ් කොළඹ හෝටලය නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. එවැනි පැමිණිල්ලක් කළ බවට සෘජුව හෝ වක්‍රව හැඟවෙන ඕනෑම ප්‍රකාශයක් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවත්, එමඟින් තම ආයතනයේ කීර්තිනාමයට හානි සිදුවිය හැකි බවත් හෝටල් කළමනාකාරීත්වය අවධාරණය කරයි.​තවදුරටත් අදහස් දක්වමින් හෝටල් පරිපාලනය සඳහන් කළේ තමන් කිසිදු අවස්ථාවක එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවයි. මාධ්‍ය, විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සහ මහජනතාව සමඟ දිගුකාලීන සහ සමීප සබඳතාවක් තමන් පවත්වාගෙන යන බවත්, මෙවැනි කරුණු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමේ වැදගත්කමත් ඔවුන් පෙන්වා දුන්හ. අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම ආයතනයක විශ්වාසනීයත්වයට මෙන්ම වාණිජමය ස්ථාවරත්වයට බලපෑම් කළ හැකි බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.

What's your reaction?

Related Posts

1 of 917

Leave A Reply

Your email address will not be published. Required fields are marked *