සිවිල් නායකයින් හිටපු ජනාධිපති මහින්ද හමුවේ ලිඛිතව ඉල්ලයි.
@@@@@@@@@@@@@
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විජේරාම නිල නිවසේ රැඳී සිටින්නේ අනිතික සහ සහ විශ්‍රාම. ගිය ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද වලට යටත්ව නොවන තත්ත්වයක් යටතේ නම්
හෝ ව්‍යවස්ථා විරෝධී අන්දමටම නම් එම නිවස කඩිනමින් රජයට භාර දීමට කටයුතු කරන ලෙස වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු වෘත්තීය හා සිවිල් සංවිධාන නායකයෝ රැසක් ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් එතුමාගේ විජේරාම නිල නිවසේදී හමුවී ලිඛිතව සංදේශයක් බාර දෙන ලදහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට විජය රාම නිල නිවසෙන් ඉවත්වන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් අවස්ථා ගණනාවකදීම ජනමාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළ නමුත් ඒ සඳහා වන කිසිදු ලිඛිත ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අස්පොහොසත් වූ නිසා ඒ සම්බන්ධ වන නීතිමය තත්ත්වයන්ද ඇතුළත්ව ලිඛිත ලියවිල්ලක් හිටපු ජනාධිපතිතුමන් වෙත භාරදීමට කටයුතු කළ බව මෙම අවස්ථාවට සහභාගි වූ ද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
එම ලියවිල්ලට අනුව හිටපු ජනාධිපතිතුමන් ලබා දෙන නිත්‍යානුකූල පිළිතුර ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන්ද නීතිය සමාන ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් නැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කරන බවට ජාතික ජන බලවේගය ලබා දෙන පොරොන්දු සක්‍රිය කිරීම සඳහා මෙතෙක් සක්‍රීය දායකත්වයක් ආණ්ඩු පක්ෂය ලබාදී නොමැති බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට අපෙන් රටට ජාතික ව්‍යාපාරය සංජය මහවත්ව ඇතුළු වෘත්තීය හා සිවිල් නායකයෝ රැසක් සම්බන්ධ වූහ.