නීති විරෝධී බීඩි කොළ කිලෝ 1713ක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1713ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ බීඩි කොළ තොගය කල්පිටියේදී නාවික හමුදා භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මුදලප්පායි සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේදී ඊයේ 28 සිදුකල සෝදිසි මෙහෙයුමකදී මේවා අත්අඩංගුවට ගත්තා.

මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේකැලෑවක් තුළ සඟවා තිබූ බීඩි කොළ මෙසේ සොයාගෙන තිබෙනවා.

මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර (14)ක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් (513)ක් සොයාගෙන තිබුණා.

මේ අතර කැලෑවක් තුළ සඟවා තිබූ උර (33) බීඩි කොළ කිලෝ (1200)ක් සොයා ගත්තා.

බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *