නීති විරෝධී හෝ පරිභෝජනයට සුදුසු නොවූ රට ඉදි

රාමසාන් සමය ඉලක්ක කරගනිමින් මෙරටට ආනයනය කරන ලද රට ඉදි තොගයක තොරතුරු කපාහැර වෙළදපලට නිකුත් කිරීමට තිබියදී අද දින පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය නිලධාරීන් විසින් වැටලීමක් සිදුකරනු ලැබීය. කිලෝ 10 බැගින් වන රට ඉදි බහාලුම් 29ක සදහන් කොට තිබූ කාණ්ඩ අංකය කපා ඉවත්කොට ඇති අතර එසේ සිදුකොට ඇත්තේ නීති විරෝධී හෝ පරිභෝජනයට සුදුසු නොවූ රට ඉදි වර්ගයක් හේතුවෙන් විය හැකි බවට සැක පලවේ. පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පනත ප්‍රකාරව ඇසුරුම් කරන ලද භාණ්ඩ වල තොරතුරු වෙනස් කිරීම වරදක් වන අතර මෙසේ කාණ්ඩ අංකය වෙනස් කිරීම තුලින් භාණ්ඩ පිලිබද සත්‍ය තොරතුරු සැගවීමට කටයුතු කිරීම පිලිබදව පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *