නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් තිදෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට!

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබාගත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පුදුකුඩුඉරිප්පු සහ හිඟුරක්ගොඩ යන පොලිස් වසම් තුළ මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.​මීගමුව කලපුවේදී සිදුකළ වැටලීමකදී ධීවර යාත්‍රාවක් තුළ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,050ක් සඟවා තබාගෙන සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, පුදුකුඩුඉරිප්පු පොලිසිය විසින් සුදන්තිපුරම් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් ඩීසල් ලීටර් 562ක් ළඟ තබාගෙන සිටි 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හිඟුරක්ගොඩ යාය 7 ප්‍රදේශයේදී ද භූමිතෙල් ලීටර් 1,995ක් නීතිවිරෝධී ලෙස රැස්කර තබාගත් තවත් 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.​අදාළ පොලිස් ස්ථාන මගින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,067

Leave A Reply

Your email address will not be published. Required fields are marked *