පසුගිය පැය 24 තුළ දිවයිනේ අඩුම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 8.0ක් ලෙස සටහන් වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව බණ්ඩාරවෙල නගරයෙන් සෙල්සියස් අංශක 11.6ක ද, බදුල්ලෙන් අංශක 14.4ක ද සහ පොළොන්නරුවෙන් අංශක 19.4ක ද අවම උෂ්ණත්වයන් වාර්තා වී ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් අපේක්ෂා කරන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මල් පින්න හෙවත් මිදුණු පින්න (Ground Frost) ඇතිවීමේ හැකියාවක් පවතී. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


























