නෙළුම් කුළුණේ යකා නැටූ ලුතිතන් කමාන්ඩර්වරයෙක් අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ පසුගියදා පැවැති සංගීත ප්‍රසංගයකට බීමතින් පැමිණ පුද්ගලයන් පිරිසකට සහ පොලිස් නිලධාරීයකුට පහරදී බලහත්කාරකම් කළ නාවික හමුදා ලුතිතන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසනවා.

එම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන 37 හැවිරිදි ලුතිතන් කමාන්ඩර්වරයකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *