නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙකක් මේ වන විට අක්‍රිය වී ඇති අතර, ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600 ක ධාරිතාවක් අහිමි වී තිබේ. මෙහි දෙවන ජනන යන්ත්‍රය වසර තුනකට වරක් සිදු කෙරෙන නියමිත නඩත්තු කටයුත්තක් සඳහා පසුගිය නොවැම්බර් මාසයේ සිට අක්‍රිය කර ඇති අතර, පළමු ජනන යන්ත්‍රය එහි බොයිලේරුවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස පද්ධතියෙන් ඉවත් කර ඇත.කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ වුවද දිවයිනේ විදුලි සැපයුමට කිසිදු බාධාවක් ඇති නොවන බව බලාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සහතික කර සිටී. මෙලෙස අහිමි වූ විදුලි ධාරිතාවය වෙනුවෙන් ජල විදුලි උත්පාදනය උපරිම මට්ටමින් භාවිත කරමින් පවතින හිඟය පියවීමට පියවර ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


























