ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත අනුව, නොවැම්බර් මාසයේ මෙතෙක් මෙරටට සංචාරකයින් 61,890 ක් පැමිණ ඇත. එම දත්තවලට අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 15,541 ක් පැමිණ ඇති අතර එය මුළු පැමිණීම්වලින් 25.1% කි. තවද, රුසියාවෙන් 8,220 ක්, ජර්මනියෙන් 4,740 ක්, එක්සත් රාජධානියෙන් 4,450 ක් සහ ප්‍රංශ ජාතිකයින් 2,614 ක් ද නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ අතර, නොවැම්බර් මාසය සඳහා වන නවතම සංඛ්‍යා ලේඛන නිකුත් කිරීමත් සමඟ 2025 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරක සංඛ්‍යාව 1,952,577 දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන් අතරින් පුද්ගලයන් 438,946 ක් ඉන්දියාවෙන්, 179,277 ක් එක්සත් රාජධානියෙන්, 141,860 ක් රුසියාවෙන්, 121,481 ක් ජර්මනියෙන් සහ 114,547 ක් චීනයෙන් පැමිණ ඇති බව SLTDA වැඩිදුරටත් සඳහන් කළේය.























