නොවැම්බර් 01 සිට සේවා රැසක් සඳහා TIN අංකය අනිවාර්ය වේ

නොවැම්බර් මස 01 වන දින සිට වැදගත් සේවා සහ රාජකාරී කිහිපයක් ඉටු කර ගැනීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN අංකය) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.​මූල්‍ය ආයතනයක ගිණුමක් ඇරඹීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම, මෝටර් රථ ලියාපදිංචිය හා බලපත්‍ර අලුත් කිරීම මෙන්ම ණය කාඩ්පතක් ලබාගැනීම වැනි කටයුතු සඳහා මෙම අංකය අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, ඉඩම් හිමිකම් ලියාපදිංචිය, ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ සමාගම් කොටස් පැවරීමේදී ද මෙම නීතිය ක්‍රියාත්මක වේ. මේ වන තෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල ඊ-සේවා හරහා පහසුවෙන් එය ලබාගත හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *