ගුවන් තොටුපළ බලධාරීන් පැවසුවේ, මගීන් 158ක් රැගත් එයාර් ඉන්දියා (Air India) කොළඹ-චෙන්නායි ගුවන් යානයට අඟහරුවාදා දිනයේදී පක්ෂියෙකු ගැටීම හේතුවෙන්, එහි ආපසු ගමන අවලංගු කිරීමට ගුවන් සේවයට සිදුවූ බවයි.ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බස්සවන ලද අතර, සියලු මගීන් නිරුපද්‍රිතව එයින් පිටතට ගත් බව ඔවුන් සඳහන් කළේය.ගුවන් යානය ගොඩ බස්සවනු ලැබීමෙන් පසුව, එයට පක්ෂියෙකු ගැටී ඇති බව හඳුනාගෙන ඇතැයි බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.එම සිද්ධිය හේතුවෙන් ගුවන් යානය දැනට නවතා දමා ඇති අතර, එයාර් ඉන්දියා ඉංජිනේරුවන් විසින් පුළුල් පරීක්ෂණ සිදු කරන ලදී. සිද්ධිය නිසා ගුවන් සේවා නිලධාරීන් එහි ආපසු ගමන අවලංගු කළ බවද ඔවුහු කීහ.පසුව කොළඹ බලා පිටත්ව ගිය මගීන් 137 දෙනෙකු සඳහා ගුවන් සේවය විසින් වෙනත් ගුවන් යානයක් සූදානම් කරන ලදී.