පන්විල පොලිස් වසමේදී හුළුඟගට ජීප් රියක් පෙරළී දෙදෙනෙක් මරුට….තව අයෙක් අතුරු දහන්….කාන්තාවකට තුවාළ..

පන්විල පොලිස් වසමේ බැද්දේගම ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වූ සුපිරි ජීප් රියක් හුළුඟඟට පෙරළී අනතුරට ලක්වීමෙන් ජීප්රියේ ගමන් ගත් ( කාන්තාවක් සහ පිරිමියෙක්)
මරණයට පත්වී ,තවත් කාන්තාවක් තුවාළ ලබා, ජීප් රිය පැදවූ පුද්ගලයා අතුරුදහන් වී ඇති බව පන්විල පොලීසිය පවසයි.
දැනට හමුවී ඇති මළ සිරුරු දෙක පන්විල පොලීසියට යොමු කර ඇත. අනතුරෙන් මිය ගිය එක් අයෙක් මහනුවර තල්වත්තේ පදිංචි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලින්ද පීරීස් මහතාගේ මෙහෙය වීමෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.
අනතුරින් තුවාළ ලද ජීප්රියේ ගමන් ගත් කාන්තාවක්ද තුවාළ ලබා ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් දැනට අතුරුදහන් වී ඇති පුද්ගලයා ගැමුණු හරිස්චන්ද්‍ර ( 64) වශයෙන් හඳුනා ගෙන අැත.

What's your reaction?

Related Posts

1 of 449

Leave A Reply

Your email address will not be published. Required fields are marked *