පරංගස්පස්වැවදී බිරිඳට ගිනි තබා ඝාතනය කරයි: සැකකරු සොයා පරීක්ෂණ!

පරංගස්පස්වැව, මැදගම ප්‍රදේශයේදී 41 හැවිරිදි කාන්තාවකට ගිනි තබා ඝාතනය කිරීමේ පුවතක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පෙබරවාරි 13 වනදා උදෑසන සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරංගස්පස්වැව පොලිස් ස්ථානයට තොරතුරු ලැබීමත් සමඟ නිලධාරීන් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත. සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් ඇයට ගිනි තබා ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු මියගිය කාන්තාවගේ සැමියා බවට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මේ සම්බන්ධයෙන් පරංගස්පස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *