පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වනාන්තර 20ක් අලුතින් ගැසට් කෙරේ

​රටේ වන සම්පත අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව, දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තර 20ක් අද (26) නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී රක්ෂිත ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගැසට් පත්‍ර සදහා අත්සන් තැබීම සිදු විය.​නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෙක්ටයාර 9,538කට ආසන්න භූමි ප්‍රමාණයක් මෙලෙස අලුතින් රක්ෂිත බවට පත් විය. මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ රක්ෂිත ලෙස නම් කරන ලද සමස්ත වනාන්තර සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වේ. 2032 වන විට මෙරට සමස්ත වනාන්තර ආවරණය 32% දක්වා වර්ධනය කිරීම රජයේ දිගුකලීන පේක්ෂාවයි.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *