කොළඹ 15, මාදම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචි පුද්ගලයෙකු තම පස් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහර දී, එම දර්ශන වීඩියෝ කර විදේශගතව සිටින තම බිරිඳට යැවීමේ පුවතක් සම්බන්ධයෙන් පෙබරවාරි 8 වනදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි කාන්තාවක් පොලිස් නිලධාරීන්ට පහර දී බාධා කිරීමට උත්සාහ කර ඇති අතර, රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඇයව ද අත්අඩංගුවට ගෙන ඇත. මාදම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


























