පසුගිය මාස එකහමාරක පමණ කාලයක් තුළනීතිවිරෝධී ලෙස  මෙරටට එවන ලද භාණ්ඩ කන්ටේනර් දෙකක තිබු රුපියල් කෝටි 20ක ආසන්න වටිනාකමක් ඇති  අධික භාණ්ඩ තොගයක්  ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.

පසුගිය මාස එකහමාරක පමණ කාලයක් තුළ
නීතිවිරෝධී ලෙස  මෙරටට එවන ලද භාණ්ඩ කන්ටේනර් දෙකක තිබු රුපියල් කෝටි 20ක ආසන්න වටිනාකමක් ඇති  අධික භාණ්ඩ තොගයක්  ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයක් ලබා ගෙන ආනයනය කළ යුතු අධික මිල ගණන් සුවඳ විලවුන්, චොකලට්, ගෝල්ඩ් ෆේෂල් ක්‍රීම්, සපත්තු, නිමි ඇදුම් සහ කුරුළු සහ බලු කෑම මෙම කන්ටේනර් පහ තුළ තිබී රේගු භාරයට ගනු ලැබීය.
සැක සහිත වීම හේතුවෙන් නවත්වන ලද කන්ටේනර් පහකින් කන්ටේනර් දෙකක මෙලෙස විවෘත කළ අතර එහි කෝටි 20 ආසන්න වටිනාකමක් යුතු භාණ්ඩ අත්අඩංගුවට ගනු ලැබීය.

ඩුබායි සිට කන්ටේනර් හතරක් සහ මැලේසියාව සිට එවන් ලද භාණ්ඩ එක් කන්ටේනරය ක  තිබියදී මෙලෙස පරීක්ෂාවට ලක් කෙරිණි.

මෙම භාණ්ඩ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලිපිනයන්ට ඒවා තිබුණි.
කළුබෝවිල දෙහිවල වැල්ලවත්ත දෙමටගොඩ, ජාඇල, නුගේගොඩ මීගමුව බොරැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ලිපින වලට ඒවා තිබුණු මෙම භාණ්ඩ එවන ලද ලිපින සියල්ලම පාහේ ව්‍යාජ ඒවා බව රේගුව පැවැසීය.
මෙලෙස එවන් ලද භාණ්ඩ වල ප්‍රසිද්ධ නිමි ඇදුම් සමාගමක නාමයක් සහිත ටැග් එකක්ද දක්නට ලැබිණි. (No limit)
තවත් කන්ටේනර් තුනක් පරීක්ෂා කිරීමට නියමිත අතර වැඩිම බදු අයකර වු ලබන්නේ රූපලාවන්ය භාණ්ඩ වලට බව රේගුව පැවැසීය.
මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ රේගුවට එවන් ලද සැක සහිත භාණ්ඩ මෙලෙස පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
සැක සහිත කන්ටේනර් 14ක නතර කර ඇති බවත් එහි අයිතිකරුවන් 155ක් පමණ සිටින බවත් පැවසූ රේගුව එහි නීති විරෝධී භාණ්ඩ ඇතුළත් පෙට්ටි 600ක් පමණ තිබිය හැකි බවත් පැවැසීය.
එලෙස නවතන ලද කන්ටේනර් 15න් දෙකක් පමණක් අද පරීක්ෂාවට ලක් කළ අතර එම දෙකෙහි රුපියල් කෝටි 20 ක් පමණ භාණ්ඩ තිබූ බවත් අනෙක් කන්ටේනර් 13 මෙතෙක් පරීක්ෂා කර නැති බවත් රේගුව පැවැසීය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත,  මහත්වරුන්  ජනාධිපති ලේකම් කේ එම් එස් කුමානායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරක්ගොඩ මහත්වරුන් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය  මෙම වැටලීම සිදු කර තිබුණි.
බ්ලූමැන්ඩල් පිහිටි ට්‍රයිකෝ ආයතනයේදී භාණ්ඩ පරීක්ෂා කෙරිණි.
කන්ටේනර් 15ක් නවතා පහක පරීක්ෂණ අවසන් කර කන්ටේනර් දෙකෙන් අද ඇමැතිවරයා විසින් පරීක්ෂා කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *