බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපාන පරිදි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දැඩි අකුණු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර, වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය.අකුණු මගින් සිදුවිය හැකි අනතුරු සහ හානි අවම කර ගැනීම සඳහා නිසි පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඒ අනුව, ගිගුරුම් සහිත වැසි පවතින විට ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, ගස් යට සිටීමෙන් මෙන්ම කුඹුරු, තේ වතු සහ ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙනු ලැබේ. තවද, රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිත නොකරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කඩා වැටුණු ගස් සහ විදුලි රැහැන් පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන ලෙස වැඩිදුරටත් අවධාරණය කෙරේ.


























