සබරගමුව සහ මධ්‍යම පළාත් ඇතුළුව කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2.00න් පසුව ප්‍රබල අකුණු සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ගිගුරුම් සහිත වැසි වර්ධනය වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව මෙහිදී අවධාරණය කෙරේ.





















