පළාත් පහකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල හා මොණරාගල දිස්ත්‍රික්කයට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර, කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි ස්ථානවල රැඳී සිටීමෙන් වැළකිය යුතුයි.

එසේම රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ මෙන්ම බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *