ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (26) පෙරවරු 8.30 සිට හෙට (27) පෙරවරු 8.30 දක්වා කාලය තුළ වලංගු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙත මෙහි බලපෑම දැනෙනු ඇත. මෙම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.
























