පළාත් සභා මැතිවරණය සඳහා භාවිත කළ යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කර තිබේ. කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිකුරාදා (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පිහිටුවා ඇති බවයි.මෙම විශේෂ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මුනීර් මුලාෆර්, සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ශානකියන් රාසමානික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි සහ නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලබයි.
























