ප්‍රදේශ රැසකට අදත් උණුසුම් කාලගුණයක්, විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස්….

මධ්‍යම කදුකර ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල උණුසුම අද (15) ඉහළ අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, උණුසුම් කාලගුණය පිළිබඳ කුඩා ළමුන්, වැඩිහිටියන් හා රෝගී පුද්ගලයින් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

එළිමහනේ ගමන් කිරීමේදී සැහැල්ල ඇඳුම් ඇදීම, දියර වර්ග පානය කිරීමෙන් මෙම තත්ත්වයෙන් ඇතිවන බවපෑම අවම කරගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *