ප්‍රධාන නගර රැසක වායු ගෝලයේ අහිතකර තත්ත්වයක්!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, පසුගිය පැය 24 පුරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක වාතයේ ගුණාත්මකභාවය සුළු වශයෙන් සෞඛ්‍යයට අහිතකර මට්ටමක පැවතිණි. විශේෂයෙන්ම කොළඹ, යාපනය, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල යන ප්‍රදේශවල වායු ගුණාත්මක දර්ශකය (SL AQI) 104 ත් 144 ත් අතර අගයක සටහන් වූයේ වාතයේ අඩංගු සූක්ෂ්ම දූවිලි අංශු (PM2.5) ඉහළ යාම හේතුවෙනි. කෙසේ වෙතත්, නුවරඑළිය, මුලතිව්, මඩකලපුව සහ දකුණු හා නැගෙනහිර වෙරළබඩ නගර කිහිපයක වාතයේ ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින බව නිරීක්ෂණය විය.​එළඹෙන පැය 24 තුළ ද බොහෝ නගරවල මෙම තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරි කාලසීමාවේදී වායු ගුණාත්මක දර්ශකය 48 ත් 140 ත් අතර අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 975

Leave A Reply

Your email address will not be published. Required fields are marked *