ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ දශක පහකට වැඩි කාලයක් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ රංගන ශිල්පී සහ නාට්‍යවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 84 වන වියේ පසුවූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.1941 වසරේ කැලණියේදී උපත ලැබූ ඒ මහතා, ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ සොහොයුරා ද වේ. රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. සිනමාව, වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය යන අංශ ත්‍රිත්වයේම දක්ෂතා දැක්වූ ඔහු මෙරට කලා කෙත අස්වැද්දූ ප්‍රමුඛ පෙළේ කලාකරුවෙකි.


























