ප්‍රසංපාදන රෙගුලාසි උල්ලංඝනය කරමින් වැඩිමිලට ඖෂධ ගෙන්වූ සමාගම් හා නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි…

පසුගිය වසර තුනක කාල සීමාවේදී රටේ පවතින ප්‍රසංපාදන නීති රීති උල්ලංඝනය කරමින් වැඩිමිලට ඖෂධ සැපයීමට කටයුතු කළ සමාගම් සහ එම ඖෂධ ගෙන්වීමට අනුමැතිය ලබා දුන් ‍ය අමාත්‍යාංශය ඖෂධ නියාමන අධිකාරිය වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන්ට එරෙහිව ඊයේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යය හාන්සක විජයගුණය යන මහත්වරුන් ජනමාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශ මත පදනම්ව රට සෞඛ්‍ය පද්ධතිය තුළට ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් ඖෂධ මිලදී ගැනීමට කටයුතු කළ නිලධාරීන් සම්බන්ධව මෙසේ විමර්ශන සිදු කරන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංචිව මහතා ඇතුළු වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙම පැමිණිලි ඉදිරිපත් කළහ.

අධික මිලට ඖෂධ සඳහා මිල නියම කිරීමේදී එම ඖෂධය මෙරට සෞඛ්‍ය පද්ධතියට භාර ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් විසින් බාරගත යුතුවන බැවින් මෙම සියලු නිලධාරින් සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටින ලදී.

මෙම ඖෂධ වැඩි ප්‍රමාණයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී මෙරටට ගෙනවිත් ඇති බවද අනාවරණය වී ඇත.

මෙම ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ගනුදෙනු වලට සම්බන්ධ නිලධාරීන් අතරින් කිහිපදෙනෙකු දැනට බාල ඖෂධ වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවී ඇති බවත් අනෙකුත් නිලධාරීන් තවදුරටත් සේවය කරන බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

තමන් විසින් සිදු කරන ලද පැමිණිල්ලට සහායවීම සඳහා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සතු ලිපි ලේඛන දැන් නීති අංශවලට භාරදිය හැකි බවද ඔහු සඳහන් කළේය

What's your reaction?

Related Posts

1 of 565

Leave A Reply

Your email address will not be published. Required fields are marked *