​පාතාලය මර්දනය කළ නිලධාරීන්ට මාරුවීම්: ලින්ටන් ද සිල්වාටත් නව තනතුරක්

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ ප්‍රධානත්වයේ කැපී පෙනෙන වෙනසක් සිදු කරමින්, එහි ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මාරු කර යවා ඇත. පසුගිය කාලසීමාව පුරා සංවිධානාත්මක අපරාධ සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම උදෙසා එම කොට්ඨාසය සක්‍රීය මෙහෙයුම් රැසක් දියත් කර තිබූ පසුබිමක මෙම මාරුවීම සිදුවීම විශේෂත්වයකි. මීට පෙර එම කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාව ද වලාන දූෂණ මර්දන ඒකකය වෙත මාරු කිරීමට පියවර ගෙන තිබූ අතර, ලින්ටන් ද සිල්වා මහතාගේ මෙම නව ස්ථාන මාරුවත් සමඟ එම ඒකකයේ ප්‍රධාන තනතුරු ද්විත්වයේම වෙනසක් සිදුව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,063

Leave A Reply

Your email address will not be published. Required fields are marked *