පාදුක්කේ ජල සැපයුමට බාධා: ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (05) පස්වරු 8.00 සිට හෙට (06) සඳුදා පෙරවරු 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම නතර වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ජලාශවල ජලය අඩුවීම නිසා නිෂ්පාදන කටයුතු සීමා කිරීමට සිදුවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.​මෙම තත්ත්වය මත අදාළ පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය බෙදා හරින අනෙකුත් ප්‍රදේශ සඳහා ද ඉදිරියේදී යම් කාලසීමාවන් යටතේ ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව බලධාරීන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඇතිවන අපහසුතාවය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *