දෙවරක් ටුවර් ඩි ප්‍රංශ ශූරතාව දිනූ, පාපැදි ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු වන ටඩේජ් පොගාචාර් (UAE Team Emirates) අඟහරුවාදා(07 දින) පැවති 104 වන ට්‍රෙ වල්ලි වරේසීන් (Tre Valli Varesine) තරගය ජයග්‍රහණය කළේය. මෙය ලොම්බාර්ඩි ත්‍රිත්වයේ (Lombardy Trilogy) අවසන් අදියර විය.අලුතින්ම කිරුළු පැළඳි ලෝක සහ යුරෝපීය මාර්ග ශූරයා වන 27 හැවිරිදි මෙම ස්ලෝවේනියානු ක්‍රීඩකයා, වරේසේ හි අවසන් රේඛාවට කිලෝමීටර විස්සක් පමණ තිබියදී ප්‍රහාරයක් දියත් කරමින්, ලෝක පාපැදි ක්‍රීඩාවේ සිය ආධිපත්‍යය යළි තහවුරු කළේය. ඔහු සෙසු තරගකරුවන් අභිබවා ඉදිරියට පැමිණියේය.