එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්රියාත්මක කෙරෙන අතර එම විශේෂ වැඩසටහන 2025 ජනවාරි මස 15 දින දක්වා ක්රියාත්මකය.
එහිදී 2025 ජනවාරි 12 දින සහල් තොග හා අළෙවිසැල් පාරිභෝගික නිලධාරීන් උපාය දුතයන් ලවා පරික්ෂා කරමින් වැඩි මිලට විකුනන සහල් සදහා පාලන මිලට වඩා විකුණු වෙළද සැල් හිමි කරුවන්ට පරිභෝගික නිලධාරීන් නඩු පවරණ ලදී. උත්සව සමය සමයේදී වෙළඳපල තුල පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මඟහැරවීම සඳහාත් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම අදාල කාලසීමාව තුලදී සුපිරි වෙළඳසැල්ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්, ව්යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු සිදු කරයි .
මෙම කාලසීමාව තුළදී වෙළෙඳසැල් වැටලීම් සහ විමර්ශන සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට ද කටයුතු කරනු ලැබෙන අතර සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වැඩලීම් තදින්ම ක්රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
පාරිභෝගික ජනතාව පවසන්නේ පාලන මිලට සහල් තවම වෙළද පොළ තුල නොමැති බවයි. එම නිසා ඒ පිලිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත