මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ සිදු කළ වැටලීමකදී පාසල් දරුවන් ඉල්ලක කරගෙන සිදු කරගන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු විසින් විවිධ මුදල් ප්‍රමාණයන්වලට දරුවන් හට ඊ සිගරට් අලෙවි කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරු මොණරාගල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර ඔහුව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.