රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මෙලෙස නිවාඩු ලබා දෙන අතර, ඒ අනුව අද සිට අප්‍රේල් 19 වනදා දක්වා පාසල් නිවාඩු කාලය ක්‍රියාත්මක වනු ඇත.අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත පාසල් ආරම්භ කිරීම පිළිබඳව ද අමාත්‍යාංශය කරුණු පැහැදිලි කර තිබේ. ඒ අනුව, 2026 වර්ෂයේ දෙවන පාසල් වාරයේ කටයුතු අප්‍රේල් මස 20 වන සඳුදා දින සිට යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.






















